රනිල්ගේ ආශීර්වාදය ඇතිව සජිත් ජනාධිපති කරනවා! ඒ ගැන සැකයක් තියාගන්න එපා! – තලතා

June 21, 2019 at 9:48 am | by emanisa.lk

අමාත්‍ය සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම ජනපති වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ලබාගනිමින් ඔහු ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය තලතා අතුකෝරාළ සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ, කහවත්ත, බුංගිරියේ, ඉදි වු 204 වන ආදර්ශ ගම්මානය කටුරොදගම අද (20දා) ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

“අපි නම් ඔක්කොම බලා ගෙන ඉන්නවා සජිත් ඇමතිතුමා ජනාධිපති වන තුරු. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ගැන කිසි සැකයක් තියා ගන්ඩ එපා .

අපි මේකට කැප වුණේ අද ඊයේ නෙවෙයි. අපි සෑහෙන කාලයක් තිස්සේ ඉදලා දුප්පතාගේ දුක හඳුනන පොළොවේ පය ගහලා ඉන්න තමුන්නාන්සේලා වෙනුවෙන් සේවය කරන නායකයෙක් අපේ පක්ෂයෙන් ජනාධිපති කරන්න අපි ඇප කැප වෙනවා කියන එක මතක් කරන්න ඕන.

ඒක අපේ පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශීර්වාදය ඇතිව අපි අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අවස්ථාව ලබා ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස