රනිල්ගේ අලුත් ජාතික ආණ්ඩු නාඩගම!

February 1, 2019 at 10:08 am | by admin

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා හරහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා.
ඔවුන් නැවත ජාතික ආණ්ඩුවක් පිහිටවා ඇති බැවින් කැබිනට් ඇමතිධූර සංඛ්‍යාව 30 සිට 45 දක්වා වැඩි කරගන්න අවස්ථාව ඉල්ලමින්.

කවුද දැන් මේ රනිල් එක්ක ජාතික ආණ්ඩුවකට ඇවිත් තිබෙන්නේ?
මුස්ලිම් කොංග්‍රසයෙන් තේරීපත් වූ එකම එක මන්ත්‍රීවරයෙක් එක්කයි ඔවුන් මේ ජාතික ආණ්ඩුව හදන්නේ.

මුස්ලිම් කොංග්‍රසයේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරුනේ එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින්.
එකම එක මන්ත්‍රීවරයයි වෙනම මුස්ලිම් කොංග්‍රසයෙන් ඉල්ලලා තේරී පත්වුනේ.
රනිල් දැන් ජාතික ආණ්ඩුවක් හදන්නේ අන්න ඒ මන්ත්‍රීවරයා එක්ක.
මොන ලැජ්ජ නැති වැඩක් ද?
(මහ බැංකුව මහ දවල් මංකොල්ල කාල කිසි දෙයක් නොවුනා වගේ ඉන්න මිනිහගෙන් ආයේ ලැජ්ජාවක් බලාපොරොත්තු වෙන එකත් තේරුමක් නෑ තමයි.)

19 සංශෝධනයේ ඇති සිදුරකින් රිංගලා යන්නයි මේ උත්සාහ කරන්නේ.
පාර්ලිමේන්තුවේ වැඩිපුරම මන්ත්‍රීවරු සිටින පක්ෂය සහ ඊළඟට වැඩිපුරම ආසන හිමිකරගත් පක්ෂය එකතු වෙලා තමයි ජාතික ආණ්ඩුව කියන්නේ කියල එකඟ වෙලා තමයි 19 ට විපක්ෂයේ චන්දය ගත්තේ කියල පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වුනු , 19 වැනි සංශෝධනයේ සියලුම දේවල් කළ විජේදාස රාජපක්ෂ පවා පෙන්වා දෙනවා.

නමුත් පනත කතානායකවරයාගේ අත්සනට යන කොට එය අරුම පුදුම ලෙස වෙනස් වෙලා කියල ඔහු අද පාපොච්චාරණය කරනවා.
දෙවැනියට වැඩිම ,අන්ත්‍රීවරු කියන කොටස වෙනුවට “වැඩිපුරම මන්ත්‍රීවරු ගත් පක්ෂය ,වෙනත් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමග එක්වූ ආන්ඩුවක් ජාතික ආණ්ඩුවක්” විදියට තමයි එහිදී හඳුන්වල තියෙන්නේ.
රනිල් අද පාවිච්චි කරන්න හදන්නේ අන්න ඒ විදියට එහ්ඩා හොරට සම්මත කරගත්ත පනත.

අපට මතකයි 19 වැනි සංශෝධනය එද්දී මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො වැන්නන් කිව්වේ මේක “මල් වට්ටියක්” මේකට අත නොගැහුවොත් මහා පාපකර්මයක් කියලයි. අද ඉතාමත් පැහැදිලියි ඒ මල්වට්ටිය අස්සේ කාල බෝම්බයක් තමයි එවල තියෙන්නේ කියලා.
දැන් ඒක පත්තු වෙලා පුපුරන කාලේ.
හැබැයි අවාසනාවට “ඒ මල් වට්ටියේ සුවඳ විඳින්න” සෝභිත හාමුදුරුවො අද නෑ..

හොඳම කොටස එන්නේ දැන්.
දැන් ඔය 19 ඇතුලේ කාල බෝම්බ අටවලා ඒක මල් වට්ටියක් කියල ජනතාව ගොනාට අන්දපු සෙට් එක එහෙමම අද නැවත වටයකින් “ඒකීය ලේබලයත් ගහල ෆෙඩරල් ව්යවස්ථා යෝජනාවලියක් එක පසෙකිනුත් අනෙක් පසින් වෙනම 20 වැනි සංශෝධනයකුත් ඉදිරිපත් කරලා තියෙනෙවා.

එදා 19 බෝම්බයට මල් වට්ටියක් කියපු අයියලා අද මේ ෆෙඩරල් ව්යවස්ථාවටත් 20 වැනි සංශෝධනයටත් චරිත සහතික දෙනවා අපට දිනපතාම වගේ පෙනෙනවා. රනිල් – සුමන්තිරම් – අනුර වගේම NGO කල්ලිත් හරියටම එදා 19 ගැන ගොනාට ඇන්දුව වගේම යළිත් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා.

19 කාල බෝම්බයේ පසු පිරුරුම් දිනපතා සිදු වෙමින් තිබෙද්දිත් අපි නැවතත් ඊට වඩා සිය දහස් ගුණයක් භයානක ෆෙඩරල් ව්‍යවස්ථාවටත් 20 වැනි සංශෝධනයටත් හසු විය යුතු ද?
දැන්වත් පාඩම් උගනිමු !!

ද්‍රෝහීන්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාවට වචනයකින් වත් සහය නොවෙමු !!
පරදවමු !!!

කැළුම් නිරංජන

(Kelum Niranjana ෆේස්බුක් පිටුවෙනි)
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *