රතු අලි කොටි නඩයේ බලාපොරොත්තු සුන් කරමින් සියලු බාධක මැඩ ජනතා හරසර මැද ගෝඨා යළි මව්බිමට පැමිණෙයි! (video/photos)

April 12, 2019 at 9:35 am | by admin

ඇමරිකානු සංචාරයක නිරත වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඇමරිකාවේ ගත කළ කාලය තුළ රාජ්‍ය නොවන සංවිධානයක් සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංග හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකානු අධිකරණයේ සිවිල් නඩු දෙකක් ගොනු කළ අතර යස්මින් සූකා නම් කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනිය ගෝඨාභයට ඇමරිකාවෙන් පිටවීමට ඉඩ ලබා නොදෙන ලෙස ඉල්ලා තිබිණි.

මෙම අභූත චෝදනා සහ නඩු මෙරට ආණ්ඩු පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සතුටට හේතු වී තිබිණී. කෙසේ වුව ද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ගෝඨාභය රාජපක්ෂ නැවත සිය රටට පැමිණියේය.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනතාව අතර වඩාත් ඉහළ ඉල්ලුමක් ඇති හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගැනීමට විපක්ෂයේ දේශපාලන නායකයන් වියත්මග සංවිධානයේ ක්‍රියාකාරීන් මෙන්ම ජනතාව ගුවන්තොටුපළට පැමිණ තිබිණි.

   

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස