රත්නපුර පොහොට්ටුවත් රනිල්ට…!

August 1, 2024 at 3:19 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දිය යුතු යැයි එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නියෝජිත පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි වෙත දැනුම් දී තිබේ.

සිය පක්ෂ නියෝජිත පිරිස අද (01) ඇගේ නිවසට කැඳ වූ අවස්ථාවේ ඔවුන් මේ බව පවසා ඇත.

පොහොට්ටුවේ සහය ඇතිව හෝ නැතිව හෝ ජනාධිපතිවරයාට සහාය දිය යුතු බව එහි දී ආධාකරුවන් පවසා ඇති අතර තවත් පිරිසක් පවසා ඇත්තේ පක්ෂයක් ලෙස තීන්දු කර ජනාධිපතිවරයාට සහාය ලබා දිය යුතු බවයි.

කෙසේ වුව ද පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර නොමැති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *