රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන උණුසුම්! සංවිධානාත්මක කුලී මඩ බලකා කරළියට!

July 31, 2020 at 3:08 pm | by emanisa.lk

රතනපුර දිස්ත්‍රික්කය සඳහා 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වූ එකම වෘත්තිකයා වන ගාමිණී වලේබොඩගේ ජනප්‍රියතාව ඉහළ යමින් ඇති පසුබිමක අපේක්ෂකයන් අතර පවතින මනාප සටන වඩාත් තීව්‍ර මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට ගාමිණී වලේබොඩට ඡන්දය ලබා නොදෙන ලෙස සඳහන් නිර්නාමික පත්‍රිකාවක් දිස්ත්‍රික්කය පුරා බෙදා හැර ඇති අතර ඒ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි දේශපාලන වේදිකාවේ සිදුකළ ප්‍රකාශයක් සමගය.

මේ සම්බන්ධයෙන් භීතියට පත්ව ක්‍රියාවට නඟා ඇති මඩ අවලාද ව්‍යාපාරය සම්බන්ධයෙන් ජනහමුවකදී සිය අදහස් පළ කළ ගාමිණී වලේබොඩ මෙසේ ප්‍රකාශ කොට සිටියේ කුමන්ත්‍රණකාරී යහපාලන ආණ්ඩුවට එරෙහිව තමන් 2015 සිට වියතුන් සමඟ දිස්ත්‍රික්කයේ ගම්බිම් පුරා වියත් හඬ යන නාමයෙන් ජනතාව දැනුම්වත් කරන විට අද තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන ගතානුගතික දේශපාලකයින් යහපාලකයන්ගේ ඔඩොක්කුවේ සිට නිර්ලජ්ජිතව ඇමතිකම් කෙරූ සැටි දිස්ත්‍රික්කයේ ජනතාවට තවමත් අමතක වී නැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *