රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ජීවතුන් අතර බවට ඥාතීන්ට දුරකතන ඇමතුමක්!

February 24, 2019 at 7:48 am | by admin

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රත්ගම මංසන්ධියේදී ඔවුන්ගේ ඥාතීන් හා ගම්වැසියන් ඊයේ (23) විරෝධතාවක නිරත වූහ.

මේ විරෝධතාව අතරතුර කිසියම් පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදෙමින් ව්‍යාපාරිකයින් දෙදෙනා තමන් සමඟ සිටින බැවින් ඔවුන් නිදහස් කිරීම සඳහා ලක්ෂ 5 ක මුදලක් ලබාදෙන ලෙස ඥාතින්ගෙන් ඉල්ලා සිටියේය. මේ පිළිබඳ කිසිවකුට නොකියන ලෙස ද තමන් ලබා දෙන බැංකු ගිණුමට අදාළ මුදල තැන්පත් කරන ලෙස ද එහි දී ප්‍රකාශ විය.

කෙසේ වුවද මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ගාල්ල අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ කුඩා කඳුගැටයක පිහිටි අත්හැර දැමු නිවසකට ගෙන ගොස් ඝාතනය කර වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතයට ගෙන ගොස් මළ සිරුරු පුළුස්සා විනාශ කර ඇති බව අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සමත්වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *