දිට්ඨධම්මවේදනීය කර්මය පළදෙයි! රතන හිමිගේ ජනබලේ නාමයෝජනා ප්‍රතික්ෂේපිතයි! කුරුණෑගල ඥානසාර හිමිට අහිමියි!

March 19, 2020 at 3:40 pm | by emanisa.lk

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අපේ ජනබල පක්ෂයේ නාමයෝජනා දෙකක් ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික් සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාය.

මෙම නාමයෝජනා පත්‍රවල පැවති අඩුපාඩු නිසා ඒවා ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව කොළඹින් තරඟ කිරීමට සිටි ජීවන් කුමාරණතුංග, ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුළු ශ්‍රිලනිප ප්‍රබලයන් පිරිසකට අවස්ථාව අහිමි වෙයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තරඟ කිරීමට සිටි කුරුණෑගල නාමයෝජනා ප්‍රතික්ෂේප වීම විශේෂිතය.

කෙසේ වුවද අතුරලියේ රතන හිමි තරඟ වදින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

මහනායක හිමිවරු භික්ෂූන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට දැඩි ලෙස එරෙහි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස