රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වෙලා උඩරට අපට ගැහුවා! පුතාට ඒවා කරන්න අපි ඉඩ තියන්නේ නෑ! – නවීන්

September 11, 2019 at 4:35 pm | by emanisa.lk

උඩරට ජනතාවගේ ඡන්දයෙන් ලොකු පුටුවලට ගිය සමහරු ඊට පසු ඒ අතීතය අමතක කරන ස්වභාවයක් ඇති බවත් 1988ට පසු අපේම ඡන්ද ගෙන අපට පහර දුන් බවත් ඇමති නවීන් දිසානායක පවසයි.

එවැනි තත්ත්වයක් නැවත ඇති වීමට ඉඩ නොදෙන බවත් ඊට මුහුණ දීමට තමා සූදානම් නැති බවත් හෙතෙම පැවසීය.

පක්ෂයේ නායකයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පරම අයිතියක් ඇති බවත් පළමු වැන්නා සහ දෙවැන්නා යන දෙදෙනාම ඒ සඳහා ඉදිරිපත් වන්නේ යැයි පවසන්නේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩල රහස් ඡන්දයෙන් අපේක්ෂකයා තෝරාගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කළ නොහැකි බවත් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් සමීක්ෂණවලින් හෙළී වී ඇතැයි පැවසුව ද ඒවා තමන්ට නොපෙන්වන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

1989 රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වූ අතර එම වසරේ ගාමිණි දිසානායක නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එජාප මන්ත්‍රීවරයකු ලැබූ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබමිණි. ඔහු වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස පත් එතැන් සිට කටයුතු කළ අතර 1990 ඇමති මණ්ඩල සංශෝධනයේ දී සිය ඇමති ධුරය අහිමි විය. අනතුරුව ඔහු ලලිත් ඇතුළත්මුදලි සමග එක්ව එක්සත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගොඩනැඟුවේය. ගාමිණි දිසානායක නැවත එජාපයට පැමිණියේ රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස