රණවිරු දඩයම වැළැක්වීමට මැදිහත් වන්නැයි ජනපතිට ලිපියක්!

February 21, 2019 at 11:15 am | by admin

බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සහ දේශද්‍රෝහී දේශපාලකයන් සතුටු කිරීම සඳහා සිදුකරන රණවිරු දඩයම නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා ගෝලීය ශ්‍රී ලංකා සංසදය මගින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

2019 මාර්තු ජිනීවා සමුළුවට සමගාමීව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බිලි දීමේ සූදානමක් ඇතැයි ද ඒ සඳහා උවමනා බොරු චෝදනා මේ වන විට සූදානම් කරමින් ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

මෙමගින් උත්සාහ කරන්නේ 2015 වර්තමාන ආණ්ඩුව සම අනුග්‍රහය දක්වා ඉදිරිපත් කළ යෝජනාව තහවුරු කර ගැනීමට උවමනා පසුබිම සකසා ගැනීමට බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *