රණවිරු දඩයමේ තිරපිටපත ලියූ CID අධ්‍යක්ෂ ශානි ගාල්ලට මාරු කරයි!

November 22, 2019 at 8:44 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පුද්ගලික සහකාර (PA) තනතුරට මාරු කිරීමට පොලිස් කොමිසම ඊයේ (21) තීරණය කළේය.

කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ තීරණයක් මතය.

මේ අනුව සී.අයි.ඩී.යේ පොලිසියේ අධ්‍යක්ෂ ධුරයට පාරිසරික පොලිස් ඒකකයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න පත්කර ඇත.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක විමර්ශන සම්බන්ධව කතාබහට ලක් වූ ශානි අබේසේකරට ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කටඋත්තර ලබා දෙන ලෙස විවිධ චෝදනා නඟමින් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ද බලපෑම් කළ බවට චෝදනා තිබේ.

රණවිරු දඩයමේ තිරපිටපත්කරු ශානි අබේසේකර බවට විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ජනාධිපතිවරණයට කලකට පෙර චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස