රණවිරු දඩයමේ ගිය ශානිගේ ගෝළයෙක් පවුල පිටින් රටින් පනී!

November 24, 2019 at 5:02 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග විවිධ විමර්ශන කටයුතු මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සිය දරු පවුල සමග අද (24) දහවල් 12.50ට පමණ ස්විස් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් WK – 0065 දරන ගුවන් යානයෙන් ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බුද්ධි අංශ නිලධාරීන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ විවිධ තරාතිරම්වල දේශපානලඥයින්ට එරෙහිව දේශපාලන බලපෑම් මත පරීක්ෂණ පවත්වා ඇති බවට චෝදනා එල්ලවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස