රට සොලවන වර්ජන රැල්ලට විරාමයක්…! සමන් රත්නප්‍රිය ජනපති වෘත්තීය සමිති ජනරාල් ධූරයට…!

August 2, 2022 at 3:22 pm | by emanisa.lk

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.

යහපාල ආණ්ඩුව අවසාන කාලයේ දින 08ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද සමන් රත්නප්‍රිය කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *