රට ස්ථාාවර නොකළොත් ඉල්ලා අස්වෙනවා..! – මහ බැංකු අධිපති අනතුරු අඟවයි…

May 11, 2022 at 3:53 pm | by emanisa.lk

ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වන බව එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේ ය.

රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *