රට විනාශයට ඇද දමන වත්මන් ආණ්ඩුව වහා පළවා හැරිය යුතුයි! රට ගැන කැක්කුමක් නැති අගමැති මහා අවාසනාවක්! – බෙල්ලන්විල නාහිමි (video)

June 20, 2019 at 10:25 pm | by emanisa.lk

බලයේ සිටින දිනයක් පාසා රට මහා විනාශයක් කරා ඇද දමන වර්තමාන ආණ්ඩුව වහා බලයෙන් පහ කළ යුතු බව බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසයි.

රටේ වගකිව යුතු අගමැති ධුරය දරන පුද්ගලයා රටේ දේශීයත්වය, ස්වාධීනත්නය, ජනතාවගේ නිදහස, බුද්ධාගම පිළිබඳ කිසිදු කැක්කුමක් නැති ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්නට සිහින දකින්නකු වීම විශාල අවාසනාවක් බව ද එහිමියන් පැවසීය.

ජාතික සමතා බලවේගය විසින් ඊයේ (19) කොළඹ දී පැවැත් වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන් වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස