රට වැහුවොත් දවසකට බිලියන 1500ක් අහිමි වෙනවා…! සති ගණන් රට වහන්න කියන්නේ රට අරාජික කරන්න…! – ශ්‍රීලනිපය..

August 19, 2021 at 12:30 pm | by emanisa.lk

රට වසා දැමුවහොත් දවසකට රුපියල් බිලියන 1500ක පමණ මුදලක් රජයට අහිමි වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර පවසයි.

වහා ම සති දෙකකට රට වසා දමන ලෙස ඇතැම් පිරිස් සඳහන් කරන්නේ රට අරාජික තත්ත්වයට පත් පත් කිරීමට බවට ඇමැතිවරයා චෝදනා කරයි.

එසේ වුවහොත් රට තුළ ඇති වන තත්ත්වය පිළිබඳව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද මහලේකම්වරයා සඳහන් කළේ ය.

ඊයේ (18) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දයාසිරි ජයසේකර මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස