රට වැහුවොත් එන්නත්කරණ වැඩසටහනත් ඉවරයි…! අද විපක්ෂයට ඕන ඒක කරන්නයි…! – අරුන්දික ප්‍රනාන්දු….

August 18, 2021 at 2:54 pm | by emanisa.lk

ඕස්ට්‍රේලියාවේ මේ වන විට එන්නත්කර ඇත්තේ එන්නත ලබා දිය යුතු ජනගහනයෙන් 08%ක් පමණක් බවත් ශ්‍රී ලංකාව ඊට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසයි.

එළඹෙන සැප්තැම්බරය වන විට එන්නත ලබා දිය යුතු ජනගහනයෙන් 80%කට එන්නත් දෙක ම ලබා දීම රජයේ සැලසුම බව ද ඒ සඳහා විශාල මුදලක් ඩොලර්වලින් ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

මේ වන විට විදේශ රැකියා, ඇඟළුම් ආදී බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ රටට ලැබුණු විදේශ විනිමය අහිමි වී ඇති බවත් දැනට ඉතිරිව ඇත්තේ ධීවර කර්මාන්තය සහ පොල් ආශ්‍රිත කර්මාන්ත වැනි කිහිපයක් පමණක් බවත් ඇමැතිවරයා පැවසීය.

රට වසා දැමුවහොත් එම ආදායම ම අහිමි වී මුදල් නැති නිසා එන්නත්කරණ වැඩසටහන ද අඩාළ වීමේ අවදානමක් ඇතැයි අරුන්දික ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *