මිනිස්සු මරණ රට වැහිල්ලට මං විරුද්ධයි…! ලෝකේ පුරා මහා විද්‍යාඥයෝ කියන්නෙත් ඒකමයි..! – එස්.බී.

August 27, 2021 at 5:45 pm | by emanisa.lk

මිනිසුන්ගේ සිත් තුළ මරණ බිය ඇති නොකරන ලෙස සියලු දේශපාලකයින්ගෙන් මෙන් ම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

ලොව පුරා 6000කට අධික විද්‍යාඥයින් පිරිසක් කොවිඩ්වලින් පරිස්සම් වනු මිස බිය නොවන ලෙසත් විශේෂයෙන් රට වසා නොදමන ලෙසත් ඉල්ලා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

රට වසා දැමීම නිසා තරුණ පරපුර අතර මානසික ආතතිය සහ සිය දිවි නසාගැනීමේ ඉහළ යන බව එම විද්‍යාඥයින් පෙන්වා ඇතැයි ද මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

මෙතෙක් කල් රට වසා දැමීමටත් තමන් විරුද්ධ බවත් ඉදිරියට රට වසා දැමීමට ද තමන් විරුද්ධ බවත් ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (27) මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *