රට වැසීමේ දිනක පාඩුව රු. කෝටි 1500යි…! ඉක්මනින් රට විවෘත කිරීම හැර විකල්ප නෑ….!

August 23, 2021 at 7:27 am | by emanisa.lk

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රජයට දෛනිකව රුපියල් කෝටි එක්දහස් පන්සියයක පමණ පාඩුවක් සිදුවන නිසා අගුළු දැමීම් හැකි තරම් කෙටි කිරීමට කටයුතු කළයුතු බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

“මේ වගේ තත්ත්වයක් ඇති වුණාම රටේ වර්ධන වේගයට, රටේ දළ දේශීය නිෂ්පාදිතයට යම් බලපෑමක් එල්ල වෙනවා.

රට වැසීම මගින් ඇතිවන පාඩුව අවම කර ගැනීමට නම් අපි පුළුවන් තරම් ඉක්මණින් රට යථා තත්ත්වයකට ගෙන එන්න ඕනේ.”

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ පෙරේදා (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *