රට වැනසූ ජවිපෙ ගුරු වැටුප් ගැටලුවෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා….! – ගුරු විදුහල්පති ජාතික එකමුතුවෙන් ජවිපෙට දැඩි ප්‍රහාරයක්….

August 7, 2021 at 10:12 pm | by emanisa.lk

ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන බව ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි චෝදනා කරයි.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවත් සමඟ දේශපාලන කරන බාල දීන නීච තත්ත්වයට තමන් නොවැටෙන බව ද එහිමියෝ සඳහන් කරති.

එම පහත් නීච තත්ත්වය දැකිය හැක්කේ ඕනෑ ම එකක් තුළට රිංගා එය විනාශ කර දමන ජනතා විමුක්ති පෙරමුණ තුළ බවට ද සුමංගල හිමි චෝදනා කරයි.

කුප්‍රකට මිනීමරු ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ කිසිදා වෘත්තීය සටන් දිනා නොමැති බවත් ආයතන මෙන් රට ද විනාශ කළේ ඔවුන් බවත් එහිමියෝ පෙන්වා දෙති.

රෑට ධනපති පන්තිය සමඟ ගනුදෙනු කර දවල්ට පීඩිත පන්තිය වෙනුවෙන් රතු කමිස අඳින ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහට වෘත්තීය අරගලය ගැන විවාදයකට අභියෝග කරන බවත් එහි දී ඔහු නිරුවත් කරන බවත් උලපනේ සුමංගල හිමි අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස