රට වසා දැමුවොත් ලක්ෂ ගණනකගේ ජීවනෝපාය අනතුරේ…! දැඩි සංචරණ සීමා මැද වැඩ කිරීම හැර විකල්පයක් නෑ….! – ජනපති….

August 18, 2021 at 12:27 pm | by emanisa.lk

රට වසා දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (17) රාත්‍රීයේ පැවැති කැබිනට් රැස්වීමේදීය.

රට තුළ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා සදහන් කරයි.

මේ මොහොතේ රට වසා දැමීමක් සිදුකළහොත් ආර්ථිකය පවත්වා ගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරි කර ගන්නා ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත්කරණ වැඩසටහන තවදුරටත් කඩිනම් කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස