රට වසා දැමීමක් නෑ….! උත්සව සඳහා නව සීමා….! රාජ්‍ය උත්සව කල් දැමේ…! – නව රෙගුලාසි මෙන්න…

August 6, 2021 at 4:14 pm | by emanisa.lk

කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත.

කෝවිඩ් රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.

මේ අනුව මංගල අවමංග අවස්ථා සඳහා සහභාගී විය හැකි පිරිස සීමා කර ඇති අතර රාජ්‍ය සේවකයින් සේවය සඳහා කැඳවීම ද ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී ඇත. රාජ්‍ය උත්සව සැප්තැම්බර් 01 වන දා කල් දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *