රට වසා දමා වහා ම සංචාරක කර්මාන්තය නඟා සිටුවන්න….! – ජවිපෙ මාධ්‍ය හමුවක….

August 15, 2021 at 11:56 am | by emanisa.lk

මෙරට සංචාරක ක්ෂේත්‍රයට ආණ්ඩුවේ කිසිදු සහයෝගයක් නොලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පවසයි.

එවැනි පසුබිමක සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 10, 000ක් වන විට සංචාරක ක්ෂේත්‍රය ඔස්සේ ඩොලර් මිලියන 4300ක ආදායමක් ලැබුණු බව ද ඔහු අනාවරණය කළේ ය.

එහෙත් කොවිඩ් වසංගතය සමග සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස බරපතළ ප්‍රශ්න ගණනාවකින් පීඬා විඳින බව ද වසන්ත සමරසිංහ සඳහන් කරයි.

එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට රජය කල් නොමරා මැදිහත්විය යුතු බව හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

කෙසේ වුව ද පසුගිය සමයේ සංචාරක ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීමට සංචාරක බුබුළු ක්‍රමය ඇතුළු ආණ්ඩුව ගත් සියලු උත්සාහයන්ට ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස එරෙහි විය. එසේ ම මේ වන විටත් රට වසා දැමිය යුතු බව ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *