මුළු රට ම අරාජික වී විවිධ ත්‍රස්ත කල්ලි රටේ පාලන බලය අතට ගැනීමට කැසකවන අවස්ථාවක අභීතව එම අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස පවසයි.
ඒ වන විට ගාලු මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රටේ මර්මස්ථාන ගණනාවක් ත්‍රස්ත ග්‍රහණයට නතුව පැවැති බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එම ත්‍රස්ත කල්ලි JCB යන්ත්‍ර යොදා පොලිස් මාර්ග බාධක බිඳගෙන පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සඳහා සූදානම් වෙද්දි ඔවුන් පාලනය කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණය ආරක්ෂා කර දී රට නැවත යථා තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
එම ගමන නතර රට ලිබියාවක් කිරීමට දෙස් විදෙස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුව ද ඒවා පාලනය කොට රටේ පෝලිම් යුගය අවසන් කර පොහොර ගැටලු විසඳමින් ජනතාවට හුස්ම ගත හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපතිවරයා බව ද නිමල් පියතිස්ස සඳහන් කරයි.