රට රැක ගන්න මහා සංඝ රත්නය එකතු වන්න…! – කතානායක…

December 20, 2022 at 8:25 am | by emanisa.lk

අතීතයේ පටන් විවිධ බලවේගවලින් රට රැකගත් මහා සංඝරත්නයට දේශය රැකගැනීමේ වගකීම ඉදිරියේ දී ද පැවරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මහා සංඝරත්නයේ එම කැපවීම නොවන්නට රටක් ජාතියක් ආගමක් වශයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා නොවන බව ද කතානායකවරයා අවධාරණය කළේය.

වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්වයෙන් මුදාගැනීම සඳහා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අවශ්‍ය වන බව ද හෙතෙම කීවේය.

අනාදිමත් කාලයක් තිස්සේ එම වගකීම සහ යුතුකම ඉටුකළ මහා සංඝරත්නය ඉදිරියේ දී ද එම වගකීම ඒ අයුරින්ම ඉටුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහින්ද යාපා අබේවර්ධන වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පදවියට පත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් ඊයේ (18) පැවැති උත්සවයට සහභාගි වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *