මේ අවස්ථාවේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එකිනෙකට සමාන හෙයින් ඒවා එක් පොතක් ලෙස මුද්‍රණය කළ යුතුව තිබූ බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශ තුන ම එක පොතකට ගෙන එහි ඇති සියල්ල නැවත එක පිටුවකට ගත හැකි බවත් එම පිටුව මේ රට විනාශ කිරීමට ගැසූ 230 වන පිටුව බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
ඒ වෙනුවට තමන් ප්‍රායෝගික උපායමාර්ගික වැඩපිළිවෙළක් ගෙන ආ බවත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට තරුව නොදුටුවහොත් තුන්වන ලෝකයෙන් යම ලෝකයට යන ගමන ආරම්භ කරන බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.
එහෙත් තරුව දක්නට ලැබුණහොත් එතැන් පටන් ඔබේ ජීවිතය ජයග්‍රහණය දිසාවට වෙනස් වීම ආරම්භ වන බව ද එහෙයින් තරුව ඉදිරියේ කතිරය සලකුණු කොට ඡන්දය ලබා දෙන ලෙස ද හෙතෙම අවධාරණය කරයි.
නිට්ටඹුවේ පැවැති ජනහමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.