කොළඹ නගරයේ දෛනිකව අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 700ක් පමණ එකතු වන අතර ඉන් ටොන් 300ක් පමණ පිසූ ආහාර බව අනාවරණය වී තිබේ. මෙම ආහාර ඉවත දමන්නේ 3150කට හොටෙල් සහ එක්ලක්ෂ තිස් දහසකට අධික තනි සහ තට්ටු නිවාසවලිනි.
කොළඹ නගරයේ අවන්හල් මගින් දෛනිකව ඉවතලන ආහාර ද්‍රව්‍ය බස්නාහිර පළාතේ ඇති ඌරු ගොවිපළවලට විකිණීමෙන් මාසිකව රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් උපයාගත හැකි බව කොළඹ හෝටල් හිමියෝ පවසති.
එලෙස ඉවතලන ආහාර කිලෝවක් රුපියල් 15 –25 අතර මුදලකට සූකර ආහාර සඳහා අලෙවි කෙරෙන අතර ඇතැම් හෝටල් හිමියන් පවසන්නේ නිසි ලෙස බැහැර කිරීමට ඉඩකඩ නොමැති හෙයින් බොහෝ අවස්ථාවල නොමිලේම ඌරු ගොවිපළවලට ඉවතලන ආහාර ලබාදීම සිදුකෙරෙන බවය.
කොළඹ ප්‍රදේශයේ ඇති එක් අවන්හලකින් දිනකට පිසූ ආහාර කිලෝ විස්සක් පමණ අපද්‍රව්‍ය ලෙස ඉවත දමන බව ද හෝටල් හිමියෝ පවසති.