රට ම ගිනිබත් කරන ම්ලේච්ඡ ක්‍රියාවලියෙන් ඈත් වන්න..! මගෙ ආණ්ඩුව යටතේ රාජ්‍ය ත්‍රස්තවාදීන්ට දඬුවම් දෙනවා…! – සජිත්…

May 10, 2022 at 9:15 pm | by emanisa.lk

ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලු ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ම්ලේච්ඡ ක්‍රියාවලින්  රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් අත්වන්නේ විනාශය පමණක් බව ද සඳහන් කළේය.

රටේ රාජ්‍ය ත්‍රස්තවාදය පැතිර වූ අයට එරෙහිව තම රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේය.

පළමුවෙන්ම සාමකාමී වන්නැයි  සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *