මෙම උත්සව සමයෙහි රටේ බිත්තර සහ කුකුළු මස් අතිරික්තයක් පවතින බව සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.
සත්ව ආහාර මිල දෙගුණයකින් පමණ ඉහළ යෑම නිසා බිත්තර මිල ඉහළ යමින් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට වෙළඳපොළේ කුකුළු මස් කිලෝවක් රු. 1000-1050ත් අතර මිලකට අලෙවි වන බවත් බිත්තරයක් රු. 40-42ත් අතර මිලකට මිල දී ගත හැකි බව ද අජිත් ගුණසේකර ප්‍රකාශ කරයි.