ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් රට බංකොලොත් කිරීමේ වගකීම භාරගෙන රාජපක්ෂවරුන් ජාතියෙන් සමාව ගත යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
රට බංකොලොත් කොට ජනතාව මහ මඟට ඇද දැමීමේ වගකීමෙන් මිදීමට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ නඩයට හැකියාවක් නැතැයි ද හෙතෙම කීය.
සිය පක්ෂයේ විද්වතුන් මෙම සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගොස් යථාර්ථය රටට හෙළි කිරීම නිසා එහි ගෞරවය සමගි ජන බලවේගයට හිමිවිය යුතු බව ද මහ ලේකම්වරයා අවධාරණය කරයි.
රට බංකොලොත් කොට ආර්ථිකය බින්දුවට බැස්සවූයේ පොහොට්ටු පාලකයන්ගේ අදූරදර්ශී අත්තනෝමතික වැඩපිළිවෙළ හේතුවෙනි.
මෙම හිතුවක්කාර දූෂිත වැඩපිළිවෙළ නිසා රටේ මිලියන 22ක ජනතාව කබලෙන් ළිපට ඇද දැමීම රාජපක්ෂවරුන් අතින් සිදු වූ ජාතික අපරාධයක් ලෙස සැලකිය යුතු බව ද සජබ මහ ලේකම්වරයා අවධාරණය කරයි.