වෛද්‍ය සුදුසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කරන ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පොලිසිය විසින් අරඹා ඇතැයි වාර්තා වේ.
ඉකුත් දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ සෙසු උසස් නිලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් මත ඉදිරියේදී රට පුරා සිටින මෙම හොර වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇතැයි කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටින්නේ රටේ ඇති සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික අර්බුදය වැනි හේතූන් නිසා මෙම සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකි බව ය.
මෙලෙස පෙනී සිටින ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ පැමිණිලි ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ 1907 දරන දුරකතන අංකයට පැමිණිලි කරන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.