රට පුරා රෝහල්වලින් දැඩි ඔක්සිජන් ඉල්ලුමක්…! ඉන්දියාවෙන් සතියට ටොන් 100 බැගින් ගෙනෙයි….!

August 14, 2021 at 6:54 pm | by emanisa.lk

ඉන්දියාවෙන් සතියකට ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100 බැගින් ආනයනය කිරීමට ඇනවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල්වලට දිනකට අවශ්‍ය කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 70-72 අතර ප්‍රමාණයක් දක්වා වැඩි වී ඇති අතර සිංගප්පූරුවෙන් ද ඔක්සිජන් ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත.

දිවයින පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව 500 ද ඉක්මවා ඇතැයිද දැනගන්නට ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස