රට පුරා තවුහිද් ජමාත් ත්‍රස්තයෝ 160ක්! වානතවිල්ලුවේ අක්කර 75ක පුහුණු කඳවුරක්!

April 24, 2019 at 8:18 am | by admin

පසුගිය ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය යටතේ මුස්ලිම් තරුණයන් 160 දෙනෙකු පුහුණු ලබා ඇති බවත් මේ අතරින් සැලකිය යුුතු පිරිසක් මරාගෙන මැරෙන ඝාතකයන් ලෙස පුහුණුව ලබා ඇති බවත් මීට මාස තුනකට පසු හෙළිදරව් වුවද පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය හෝ රජයෙන් එම කටයුතු විමර්ශනයට නිසි සහයක් නොලැබුණු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම අන්තවාදී ත‍්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබුණේ පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 75 ක් පමණ විශාල පොල් වත්තක පවත්වාගෙන ගිය තවුහිත් ජමාද් ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රධාන පුහුණු කඳවුර වැටලීමෙන් පසුවය.

මෙම පුහුණු කඳවුරේ වළ දමා තිබූ සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක්, නයිට‍්‍රජන් ගැලුම් 6 ක් ඩෙටනේටර් 99 ක් සොයා ගනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේ 16 වැනිදාය.

මෙහිදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඉහළ දේශපාලන බලපෑම් මත නිදහස් කළ බවත් ඉරිදා මරාගෙන මැරුණු පිරිස අතරින් එක් අයකු මෙසේ නිදහස් කළ අයකු බවත් අමාත්‍ය කබීර් හෂීම් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ එම සැකකරුවන් මුදා ගැනීමට මැදිහත් වී ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස