රට පුරා කොරෝනා පැතිරෙන කතා බොරු! – පෙලෙිස් මාධ්‍ය ප්‍රකාශක..

July 11, 2020 at 12:54 pm | by emanisa.lk

කොරෝනා අසාධිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බව සඳහන් කරමින් විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න සඳහන් කරයි.

එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස  ශ්‍රී ලංකා පොලීසිය මහ ජනතාවට දැනුම් දෙයි.
කොරෝනා අසාධිතයන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් හෝ කොරෝනා මර්දන  කාර්ය සාධක බලකාය විසින් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අසත්‍ය ප්‍රචාර සිදු කරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස