රට නැවතත් බංකොලොත් මාවතේ… ආර්ථික වර්ධනය පහළට… ප්‍රාග්ධන වියදමින් වැයකළේ 15%යි…!

June 8, 2025 at 7:35 pm | by emanisa.lk

2025 වසර සඳහා අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන ලද රු. බිලියන 1346න් මාස හයක් අවසානයේ වෙන්කර වැය කර ඇත්තේ බිලියන 206ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2028 නැවත ණය ගෙවීමේ ආර්ථික හැකියාව ළඟා කර ගැනීමට නම් රට 8%ක පමණ ආර්ථික වර්ධනයක් අත්කරගත යුතු වුව ද ප්‍රාග්ධන වියදම් ආර්ථිකයට එකතු නොවීම නිසා ආර්ථික වර්ධන වේගය 3.5%ට වැටී ඇති බවයි.

ප්‍රාග්ධන වියදම් ආර්ථිකයට එකතු වූයේ නම් රටේ යටිතල පහසුකම් වර්ධනය වන බවත් විදේශ ආයෝජන රට තුළට එන බවත් ජනතාව අතට මුදල් ගලා යාමෙන් දුප්පත්කම පහත වැටෙන බවත් දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *