ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවුඩයත් තබමින් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
“තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.
ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරමු.”
තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.
ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු
— Udaya Gammanpila (@UPGammanpila) August 17, 2021