රට තුළ වහා ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළොත් ජීවිත 1200ක් රැකගන්න පුළුවන්….! – මහාචාර්ය සුනෙත් අගම්පොඩි

August 11, 2021 at 9:37 pm | by emanisa.lk

රට තුළ වහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ සිදුවන මරණ 1,200 ක් පමණ වළකාගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි.

“තීරණ ගැනීමේදී දින 5 ක ප්‍රමාදයක්, අවම වශයෙන් 700 දෙනෙකුටවත් ජීවිත අහිමි කරනු ඇති බව මහාචාර්ය අගම්පොඩි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවට මහාචාර්යවරයා සෙනසුරාදා (අගෝස්තු 07) අනතුරු ඇඟවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස