රටේ ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක දී සියලු වාද භේද දුරලා ජනතාව බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම විට ම කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
අද (18) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසී ය.
එම දැක්ම මත සිට දැනුමෙන් සහ පළපුරුද්දෙන් පොහොසත් නායකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී රට මුහුණ දී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බව ද වජිර අබේවර්ධන සඳහන් කළේය.
රටේ ජාතික ව්‍යසනයක් තිබෙන ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වී ඇති අවස්ථාවක රටේ නායකයා හමු වී මහ ජනයා ආරක්ෂා කර ගැනීම සඳහා දැනුම සහ පළපුරුද්ද දීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් තීරණයක් බව ද වජිර අබේවර්ධන සඳහන් කළේය.