රට ගොඩගත හැකි එකම නායකයා රනිල්…! – රවී…

May 29, 2022 at 6:49 am | by emanisa.lk

පවතින ආර්ථික අර්බුදය විසඳුම් ලබා දී රට යළිත් ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහුට ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් සහ හැකියාව තිබෙන බවයි, රවී කරුණානායක සඳහන් කළේ.

පරිණත දේශපාලන නායකයෙකු වන රනිල් වික්‍රමසිංහට ආර්ථික අර්බුදය ජයගත හැකි බවත්, ඒ සඳහා ලෝකයේ බොහෝ රටවලින් සහාය ලබා දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර ලෙසිිිනි.

.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *