රට කුඩු තිප්පොළක් වුණේ රටේ පිහිටීමේ වරද නිසා මිස ආණ්ඩුවේ වරදක් නිසා නෙමෙි!-ඇමති පී. හැරිසන්

March 26, 2019 at 5:45 am | by admin

අප රට පිහිටා ඇති ආකාරය සහ රට වටේම මුහුද පැවතීම හේතුවෙන් අප රට හරහා වෙනත් රටවලට මත් කුඩු ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බව ඇමති පී. හැරිසන් පවසයි.

මෙපමණ කුඩු තොගයක් මෙරටට එන්නේ රොටි කන්න පිට්ටු කන්නට නොවන බවත් සාමාන්‍යයෙන් තමන් දන්නා පරිදි මත්කුඩු පාවිච්චි කරන පිරිස් කන් හැන්දකින් එකක් වැනි පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරන බවද කීවේය.

එමෙන්ම විදේශිකයන් රැසක් මෙම කුඩු ජාවාරම පිටුපස රැඳී සිටින බවත් මෙම මත්කුඩු ජාවාරම එක පාර්ශවයකට නොව සියලු දෙනාම ඒකරාශී වී පාලනය කළ යුතු බව පැවසීය.

මත්ද්‍රව්‍ය එතනෝල් කුඩු ආදී සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය  සමයේ පිරිසට චෝදනා කරමින් බලයට පත්වූ මෙම රජයේ යටතේ පාලනය යටතේ කුඩු විශාල වශයෙන් ලැබීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් විමසූ විට හෙතෙම මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස