රට එකවර විවෘත කිරීම අනතුරුදායකයි…! ජනතාව වගකීමෙන් කටයුතු කිරීම අනිවාර්යයි…!

September 24, 2021 at 11:22 am | by emanisa.lk

රට එක වර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් ප්‍රශ්නය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

රට විවෘත කළත් ජනතාව සෞඛ්‍යය නීති දිගට ම පිළිපදිමින් ඥානාන්විතව කටයුතු කළ යුතු බව පැවසූ හෙතෙම එසේ කටයුතු නොකළහොත් තවත් කොවිඩ් රැලි ඇතිවීම වැළැක්විය නොහැකි බවට අනතුරු ඇඟවූයේය.

තවත් කොවිඩ් රැල්ලක් ඇති නොකර කටයුතු කිරීමට ජනතාවට විශාල කාර්යභාරයක් පැවරෙන බව ද ඔහු වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *