රට ආර්ථික වශයෙන් කඩා වැටිලා…! ආණ්ඩුව රටට ගෙනාවේ සංවර්ධනය වෙනුවට බංකොලොත්කම..! – සජිත්…

July 2, 2021 at 10:16 am | by emanisa.lk

අද වන විට රට මූල්‍ය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙනුත් බංකොලොත් වී ඇති බවත් ආණ්ඩුව සංවර්ධනය වෙනුවට ගරා වැටීම රටට රැගෙනවිත් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අභියස අපේ රට ඉතිහාසයේ බරපතල අගාධයකට වැටී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ඊයේ (01) පැවැති සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

එහි දී තව දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පවසා සිටියේ ආණ්ඩුව නොවලහා කළ යුත්තේ මේ ආර්ථික කඩා වැටීමට විසඳුම් සෙවීම බවය. එහෙත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවක් හෝ වැඩපිළිවෙළක් නැති බවද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස