රට අස්ථාවර කරන්න NGO ඩොලර් වැස්සක්…!

August 1, 2022 at 11:41 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික වශයෙන් අඩපණ කර රජය අස්ථාවර කිරීම සඳහා විදේශ රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඩොලර් මිලියන ගණනක් ඉකුත් වසර කිහිපය තුළ වැය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඉකුත් 28දා කියා සිටියේ නීතිය හා සමාජීය පදනමට 2020 වසරේදී ඩොලර් 172,670ක් ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ඩොලර් 285,000ක් සහ ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් සිවිල් සමාජ මුල පිරීමට 2013 සිට 2017 අතර කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කර ඇති බවය.

පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය සංවිධානය (NED) මඟින් මුදල් ලබා දුන් සංවිධානවල ලේඛන ද තමන් සභාගත කරන බවය.

එම සංවිධානය මඟින් වසර 1983 සිට රටවල් 100ක පමණ ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *