රට අරාජික කළ 19 අහෝසි කරන්න මෛත්‍රී මහින්ද එකඟවෙයි!

September 1, 2019 at 5:38 am | by emanisa.lk

ඉදිරියේ පත්වන ආණ්ඩුවකින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟත්වයකට එළඹ සිටිති.

මෙම එකඟත්වයට පත්වූයේ පසුගියදා ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර පැවැති විශේෂ හමුවකදීය.

මෙහිදී  ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයා සහ කතානායකවරයාද රට පාලනය කරන්නට පටන්ගෙන ඇති බවය.

මෙලෙස බල කේන්ද්‍ර තුනක් නිර්මාණය වීම ආණ්ඩුවක ගැටුම් වැඩිවීමට ප්‍රධාන හේතුවක් යැයිද ඔහු පවසා ඇත.

මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ 19 වැනි සංශෝධනය අනුමත කිරීමට පෙර එහි වගන්ති දැඩි පරීක්ෂාවකට භාජනය කළ යුතුව තිබූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස