බෞද්ධාගමික කර්තව්‍ය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම අද පමණක් නොවෙයි, ඉතිහාසයේ සිට සිදු වූවක්. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොකක් ද?
අතීතයේ සිටම බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කටයුතු රැසක් විවිධ රාජ්‍ය පාලකයන් විසින් සිදු කළා. බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ තහවුරු වූයේත් එවැනි වැඩකටයුතුවලින්. ශ්‍රී ලංකාවේ එවැනි ආකාරයට තැනූ උපෝසථාගාරයක් තමයි ලෝවා මහාප්‍රාසාදය කියන්නෙත්.
රාජ්‍ය පාලකයාගේ ක්‍රියාකලාපය සහ පුරවැසියන්ගේ හැසිරීම කියන කාරණා අතර කොතරම් දුරට සමීප සබඳතාවක් පවතිනවා ද?
රාජ්‍ය පාලකයා ධාර්මික වූ තරමට, රාජ්‍ය පාලකයාට සමීපව සිටින අයත් ධාර්මික වෙනවා. ධාර්මිකයි කියන්නේ නිවැරැදියි කියන එකයි. රාජ්‍ය පාලකයා නිවැරැදි වූ හැටියට, ඊළඟට සිටින අය නිවැරැදි වෙන්නේ. රාජ්‍ය පාලකයා ආදර්ශවත් නම්, පස් පව් දස අකුසල් කරන්නෙ නැත්නම්, වැරදි කරන්නෙ නැත්නම් ඒ සමාජයත් ඒ විදිහටම නිවැරැදි වෙනවා කියන ආකල්පය තමයි බුදුදහමේ තේරෙන්නේ. මේක අතීතයේ ඉඳලාම තිබූ දෙයක්. ඕනෑම රාජ්‍යයක දරුණු පාලකයෙක් ලෝකෙ ඇතිවෙන කොට සමාජයේ පහළින්ම ඉන්න අය හුඟක්ම දරුණුයි. අපි හිතමු යම් සමාජයක ත්‍රස්තවාදී කටයුතු සිදු කෙරෙනවා නම්, ඒ ප්‍රදේශයේ ජනතාව පමණක් නොවෙයි, කුඩා දරුවන්ගේ පටන් වැරැදිවලට පෙලඹෙනවා. ඒ වගේම බොරු කියන අය බොරුවටත්, වංචා කරන අය වංචාවටත් ස්වභාවයෙන්ම හුරු වෙනවා. ඒ වගේම, ඉහළ සමාජයෙන් හොඳ ආදර්ශ සපයනවා නම්, පහළ සමාජය නිරායාසයෙන්ම යහපත් වෙනවා. වත්මන් ජනාධිපතිතුමාගේ ආදර්ශය අප බොහෝම ශ්‍රේෂ්ඨ විදියට පිළිගන්නවා. එතුමාට විරුද්ධ අයවවත් එතුමා විවේචනය කරන්නේ නෑ. එතුමා මස් මාංසවලින් වැළකුණු අයෙක්. එතුමා ගැන අපට තියෙන්නේ ඉතාම හොඳ පැහැදීමක්. ඒ වගේම මේ ආදර්ශවත් චරිතයට අප ගරු කරනවා.
දිගින් දිගටම මුහුණපාන්නට සිදු වී තිබෙන අභියෝග බුදු දහමට අනුව පැහැදිලි කර දෙන්න?
ලොව ඕනෑම දෙයක් ස්වයංපෝෂිත වෙලා සර්වසම්පූර්ණ වෙලා සිදු වෙන්නේ නැහැ. සෑම දෙයක්ම සිදු වෙන්නේ අෂ්ට ලෝක ධර්මය අනුවයි. හැම දෙනාටම ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, දුක සැප අඩු වැඩි වශයෙන් ජීවිත කාලය පුරාවටම සිද්ධ වෙනවා. කෙනෙකුට හැමදාම කීර්තිය ලැබෙන්නෙත් නෑ. හැමදාම හයිය ලැබෙන්නෙත් නෑ. බැරි වෙන වෙලාවලුත් එනවා. හැමදාමත් සල්ලි නැති වෙයි කියලත් නෑ.
යම් කාලයක තියෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. දැන් මේ වෙලාව ගත්තාම ලෝකයම ආර්ථික වශයෙන් වැටිච්ච අවස්ථාවක්. මෙය ශ්‍රී ලංකාවට බලපෑ කාරණය තමයි, මේ රටේ සංචිත නැතිවෙච්ච එක. ඒ කියන්නේ ඉතිරි කර ගත් දෙයක් නැතිකමයි. ඒකට මෙතුමාට කවුරුත් දොස් කියලා වැඩක් නෑ. මෙතෙක් හිටි හැමෝමටම ඒ වගකීම තියෙනවා.
එතුමා ගත් තීන්දුවලින් සියල්ල වෙනස් වෙනවා කියලා කියන්න බෑ. කොවිඩ් වසංගතය පාලනය කරන්න එතුමා ගත් එන්නත්කරණ වැඩපිළිවෙළ ලොව දියුණු රටවලවත් නොකෙරුණු වැඩපිළිවෙළක්. ඒ නිසා, ලෝකයේ යම් ප්‍රමාණයක පසුබෑමක් තුළ නැඟී සිටීමේ ලක්ෂණ තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපේ රටේ මේ අභියෝග අපට ජය ගන්න පුළුවන්.
දිනමිණ