ලයිට් නිවලා A/C ඕෆ් කරලා අපට සහාය වෙන්න ! නැත්නම් දින 10ක් විදුලි කපන්න සිද්ධ වෙනවා!

March 24, 2019 at 6:03 am | by admin

නොරෙච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම සහ මේ දිනවල පවතින අධික උෂ්ණය හේතුවෙන් 15% පමණ විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසා විදුලිය අඛණ්ඩව සැපයීම ගැටලුවක් වී ඇතැයි අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මේ අවසථාවේ දිනකට විදුලි පහන් දෙකක් නිමා දමා වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ හැකි නම් විදුලි විසන්ධි නොකර සැපයිය හැකි බවත් සැපයුමට වැඩි ඉල්ලුමක් ඇති වීම නිසා විදුලිය විසන්ධි වීම් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද දින 10ක් ඇතුළත මෙම ගැටලුව අවසන් කරන බවත් ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට සැලසුම් සකස් කරන බවත් ඇමතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස