මතුගම අගලවත්ත වළල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ ප්‍රාදේශීය සභා පහේම සෙසු විපක්ෂ කණ්ඩායම් සමග එකතු වී බලය පිහිටුවන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.
එම ප්‍රාදේශය සභා මගින් ආණ්ඩු පක්ෂ ප්‍රාදේශීය සභාවලටත් වඩා වැඩ කරන බවද ඔහු සඳහන් කරයි.
ප්‍රාදේශීය සභාවක මූලික ආදායම දඩකොළ, බලපත්‍ර ගාස්තු, මුද්දර ගාස්තු ආදිය බවත් ආණ්ඩුවට තම ප්‍රාදේශීය සභා සහ විපක්ෂ ප්‍රාදේශීය සභාවලට අසමාන ලෙස සැලකීමේ ඒකාධිපති ගමනකට යා නොහැකි බවත් ජගත් කුමාර අවධාරණය කරයි.
ජනතාව මේ දෙස බලා සිටින බවත් මාස හයෙන් ලක්ෂ 23ක් ඡන්ද අඩු කරගත් ආණ්ඩුවට එය ලක්ෂ 50-60 කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ද හෙතෙම ප්‍රකාශ කරයි.