රටේ හිග ලාෆ් ගෑස් විතරයි! හිඟය ඇති කළේ රාජපක්ෂලා! – හේෂා විතානගේ

November 3, 2019 at 11:43 pm | by emanisa.lk

දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ ගෑස් හිගයක් ඇති කළේ පොහොට්ටුව කඩේ යන  කහපාට ගෑස් සමාගමේ අයිතිකරු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

රාජපක්ෂලාට රැවටී ජනතාව අපහසුතාවට පත්කරමින් කටයුතු නොකර මෙතෙක් කල් ව්‍යාපාර කරගෙන ගිය ආකාරයට කටයුතු කරගෙන යන ලෙස ඔහු සඳහන් කළේය.

එසේ නොකරන්නේ නම් ඉදිරියේ දී ටිකක් කරදර වනු ඇතැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. කලවානේ පැවති (03) සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වුවද ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සතු ලාෆ් ගෑස් පමණක් නොව ෂෙල්, ලිට්‍රෝ ආදි සෙසු ගෑස් වර්ග ද වෙළෙඳපො‍ළේ නොමැති බවට පාරිභෝගිකයෝ පැමිණිලි කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස