රටේ හැම ජනාධිපතිවරයෙකුටම ආරක්ෂක උපදෙස් දෙන්න විශේෂඥයෙක් හිටියා! වර්තමාන ජනාධිතිට උපදෙස් දෙන්න ස්ටුඩියෝ එකක් කළ එයාගේ බෑනා ඉන්නවා! – සරත් ෆොන්සේකා

May 12, 2019 at 10:00 pm | by admin

රටේ බොහෝ දේශපාලකයන්ට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් නැති බවත් එහෙයින් ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත පිරිසක් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ජේ.ආර්. ජයවර්ධනට උපදෙස් ලබා දීමට හමුදා කර්නල් කෙනෙකු සිටි බව ද චන්ද්‍රිකා කුමාරතුංගට ජනරාල් රත්වත්තේ සිටි බව ද මහින්ද රාජපක්ෂට ගෝඨාභය සිටි බව ද ඔහු සිහිපත් කළේය. ගෝඨාභය එහි සිටීම මහින්ද සමග ගනුදෙනු කිරීමට තමන්ට පහසුවක් වූ බව ඔහු හෙළි කළේය.

එහෙත් වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ තබා ගෙන සිටින්නේ මිට පෙර ස්ටුඩියෝවක් කළ සිය බෑනා බවත් තමා විසින් යොමු කළ මේජර් ජනරල්වරයා වෙන වෙන වැඩවලට යොමු කර ඇති බව ද පැවසීය. එවැනි පුද්ගලයකුගෙන් හමුදා ශක්තිය ජාතික ආරක්ෂාව පිළිබඳ උපදෙස් බලාපොරොත්තු විය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඉරිදා දිවයින පුවත්පත සමග කළ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස