රටේ සහල් ඒකාධිකාරය බහුජාතික සමාගම් අතට නොගියේ අපි නිසායි!!! ඩඩ්ලි ජනපති අයියාට පිළිතුරු දෙයි

February 13, 2019 at 5:42 am | by admin

ලංකාවේ සහල් ඒකාධිකාරය බහුජාතික සමාගම් අතට නොගියේ තමන් නිසා බවත් හාල් මාෆියාවක් ගැන චෝදනා නඟන අය ඒ පිළිබඳ සිතාබැලිය යුතු බවත් ඩඩ්ලි සිරිසේන පවසයි.

” ගොඩක් අය මට එල්ල කරන්නෙ මගේ ” සහල් මාෆියාවක්” තියනව කියන චෝදනාව. ඒත් මම බය නැතුව කියනනෙ එක දෙයයි. මම වගේ ව්‍යාපාරිකයො නිසයි අද බහුජාතික සමාගම්වලට ලංකාවෙ හාල් මිල පාලනය කරන්න බැරි වෙලා තියෙන්නෙ. මම වගේ දේශීය ව්‍යාපාරිකයො නිසා තමයි, අද දහස් ගණනක් රැකියා ලංකාව ඇතුලෙම උත්පාදනය වෙලා තියෙන්නෙ.. ඒ නිසා, මම වගේ මනුස්සයෙකුට ගල් ගහන්න කළින් දෙපාරක් හිතන්න.. ”

” ඔය කෑ ගහන මිනිස්සුන්ගෙ ව්‍යාපාර වැටිල තියෙන්නෙ මම නිසා නෙමෙයි, ගුණාත්මක තත්වයෙන් හොඳ නිෂ්පාදන මිනිස්සුන්ට දෙන්න තියන නොහැකියාව මත පමණයි. මම මිනිස්සුන්ට බලෙන් හාල් දෙන්නෙ නෑ. ඒ මිනිස්සු මගේ නිෂ්පාදන මිලට ගන්නේ වෙළඳපොලේ තියන හොඳම සහල් ” අරලිය ” නිසා පමණයි.. ඒක මගේ වරදක්ද ? “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *