රටේ සමස්ත බදු ආදායමින් 86%ක් රාජ්‍ය සේවක නඩත්තුවට…! රටේ සංවර්ධන කටයුතුවලට ඉතිරි බිලියන 165යි…!

July 17, 2021 at 10:03 pm | by emanisa.lk

මෙරට රාජ්‍ය බදු ආදායමින් 86%ක් පමණ රාජ්‍ය සේවක වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කරන බව අනාවරණය වී තිබේ.

2020 වසරේ රාජ්‍ය බදු ආදායම රු. බිලියන 1216ක් වන අතර රාජ්‍ය සේවක වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් සඳහා වැයකර ඇති මුදල රු. බිලියන 1051කි.

එය සමස්ත බදු ආදායමින් 86%ක් වන අතර සෙසු වියදම් සඳහා ඉතිරි වී ඇත්තේ රු. බිලියන 165ක් පමණි. රටේ වාර්ෂිකව ගෙවිය යුතු ණය පොලිය රු. බිලියන 980කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *